Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාර සෞඛ්‍ය සේවා (හිටපු) නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් බන්ධනාගාරගත කරයි

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

2024 වසරේදී, වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රැඳවියෙකු තවදුරටත් එහි රඳවා තබාගෙන ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය රණසිංහ විසින් රුපියල් 1,500,000ක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඉන් රුපියල් 300,000ක මුදලක් ඔහු අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට චෝදනාව එල්ලවී තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Related posts

Premier and Defence Secretary discuss national security

Mohamed Dilsad

3G, 4G services shut down in Bangladesh ahead of elections

Mohamed Dilsad

Sri Lanka Postal employees to launch 48- hour strike midnight today

Mohamed Dilsad

Leave a Comment