Trending Newsඑසැන පුවත්දේශීය

උල්කාපාත වර්ෂාවක් අද රෑ සහ හෙට අලුයම අහසේ

මෙම වර්ෂයේ දැකිය හැකි විශාලම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ පර්සීස් තාරුකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව  පර්සීස් වශයෙන් නම්කර ඇති බවය.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හොඳින්ම දැකගත හැකි වන්නේ හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“මේ උල්කාපාත වර්ෂාවේ විශේෂත්වය තමයි උල්කාපාත 100ක් පමණ පැයකදි දැකගත හැකි වෙනවා. ඒක සාමාන්‍යයෙන් විශාල අගයක්. මෙහෙම උල්කාපාත ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ උල්කාපාත වර්ෂා කිහිපයකදි පමණයි. මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන ආකාරය ගැන කතා කළොත් මේ දැක්වෙන පර්සියස් කියන තාරුකා රාශිය සාමාන්‍යයෙන් ක්ෂිතිජයෙන් මතු වෙන්න පටන් ගන්නේ මධ්‍යම රාත්‍රියෙන් විතර. මධ්‍යම රාත්‍රියේදී මතුවෙන මෙම උල්කාපාත රාශිය අලුයම් කාලය දක්වා ඉහළට ගමන් කරනවා. එතකොට මේ උල්කාපාත වර්ෂාව බලන්න පුළුවන් හොඳම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් උදෑසන 05.00ට විතර. උදෑසන 5ට විතර උතුරු දිශාව බලන්න පුළුවන් නම් අපිට පැයකදි උල්කාපාත 100ක් පමණ බලන්න පුළුවන් වෙනවා

Related posts

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ගැන කතාකරන්න එන්නත් කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

බිත්තර සඳහා සියයට 18% බද්දක් පනවයි.

Editor O

மணல் அகழ்விற்கான அனைத்து அனுமதிப் பத்திரங்களும் இரத்து

Mohamed Dilsad

Leave a Comment