Trending Newsඑසැන පුවත්දේශීය

මිනිස් ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයන් බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක පුද්ගලයින් 50,000කට පමණ පිරිසක් බඳවා ගැනීමට උත්සාහ දරමින් සිටින බවය.

දැනටමත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම වංචනික ක්‍රියාවලිය සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් රැකියා දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. පසුගිය සති කිහිපය තුළදී මේ ආකාරයට ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මෙම සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් ද ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම නිසා, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

“No Confidence Motion against Premier Rajapaksa passed with majority,” Political Parties says

Mohamed Dilsad

Minister Mangala denies claims Premier declared himself UNP Pres. Candidate [VIDEO]

Mohamed Dilsad

Kandy Esala Perahera Festival begins tomorrow

Mohamed Dilsad

Leave a Comment