Trending Newsඑසැන පුවත්දේශීය

ඊශ්‍රායලය ගත් තීරණය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කකණගාටුව පළ කරයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගෙන ඇති තීරණය පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එකී තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර විය හැකි බව නිවේදනයේ සඳහන්.

දෙපාර්ශ්වය අතර, සටන් විරාම, එකඟතාවයකට යොමුවන ලෙස ඉල්ලා සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශ්වයන්ට සිය මතභේදයන් විසදා ගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත්  ද එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනය

Related posts

பெண் ஜனாதிபதி வேட்பாளர்; யார் இந்த கலாநிதி அஜந்தா பெரேரா?

Mohamed Dilsad

அரச துறைக்கு இவ்வருடத்தின் முதலாவது காலாண்டில் பத்தாயிரம் பேர் இணைப்பு

Mohamed Dilsad

லசித் மாலிங்க மீண்டும் களத்தில்!… 5 விக்கட்டுகளால் இலங்கை அணி வெற்றி

Mohamed Dilsad

Leave a Comment