Trending Newsඑසැන පුවත්දේශීය

ඊශ්‍රායලය ගත් තීරණය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කකණගාටුව පළ කරයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගෙන ඇති තීරණය පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එකී තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර විය හැකි බව නිවේදනයේ සඳහන්.

දෙපාර්ශ්වය අතර, සටන් විරාම, එකඟතාවයකට යොමුවන ලෙස ඉල්ලා සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශ්වයන්ට සිය මතභේදයන් විසදා ගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත්  ද එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනය

Related posts

அமைச்சரவை கூட்டம் இன்று(07)

Mohamed Dilsad

කරුණා සහ පිල්ලෙයාන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්

Editor O

Crown Prince Mohammed bin Salman pledges commitment to Saudi-Indian relations

Mohamed Dilsad

Leave a Comment