Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීම⁣ට සියල්ල සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,

“පෙරවරු 9:30ට විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ.  පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.”

“දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.”

“ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.”

“පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට.”

“විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.”

Related posts

சாலையில் கிகி நடனம் ஆடினால் கிடைக்கும் தண்டனை இதோ…

Mohamed Dilsad

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

Mohamed Dilsad

சம்பளத்தை அதிகரிக்க முயற்சிகள் மேற்கொள்ளப்படுவதாக குற்றச்சாட்டு…

Mohamed Dilsad

Leave a Comment