Trending Newsඑසැන පුවත්දේශීය

අතුරලියේ රතන හිමියෝ සැඟවිලා..?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (07) රාත්‍රියේ, රාජගිරියේ සදහම් සෙවණ අසපුව වෙත ගොස් ඇතත් එහිමියන් එහි රැඳී සිට නොමැති බව වාර්තා වේ.

එහිමියන් සිය ජංගම දුරකථනය පවා අක්‍රිය කරගෙන සැඟව සිටින බව සඳහන්.

අතුරලියේ රතන හිමියන්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයන්නේ 2020 වසරේදී “අපේ ජනබල පක්ෂයේ” මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් උන්වහන්සේට තර්ජනය කර බියවද්දා එම පක්ෂය ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකු පිළිබඳව ද විමර්ශන සිදුකෙරෙන බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

සුළු ජාතීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ACMC කරු සමඟ සාකච්ඡා පවත්වයි

Mohamed Dilsad

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය “යවම්-ඊ-ඉස්ටෙහ්සාල්” දිනය පවත්වයි

Mohamed Dilsad

எமில் ரஞ்சனின் விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment