Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර ආදිවාසී දිනය අද

ජාත්‍යන්තර ආදිවාසී දිනය අද (09) ට යෙදී තිබේ. 1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණි.

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබේ.

ඔවුන් ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන් දුප්පත්ම අයගෙන් සියයට 15ක් නියෝජනය කරයි.

මෙම පිරිස ලෝකයේ ඇස්තමේන්තුගත භාෂා 7,000න් අති බහුතරයක් කතා කරන අතර විවිධ සංස්කෘතීන් 5,000ක් නියෝජනය කරන බවයි ජගත් සංවිධානය පවසයි.

Related posts

நைஜீரியாவை புரட்டிப் போட்ட கனமழை

Mohamed Dilsad

காலநிலையில் மீண்டும் மாற்றம்

Mohamed Dilsad

ආනයන අපනයනත් බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව ඉහළට

Mohamed Dilsad

Leave a Comment