Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවේ ගුවන්යානයක ගිනි ගැනීමක්

අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගිනිගැනීමක් සිදුව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.එහිදී ගුවන් යානයේ ටයරයේ ගින්නක් සහ දුමාරයක් හටගෙන තිබිණ.

ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් යානය ධාවන පථයෙන් හදිසි ඉවත් කිරීමක් සිදු කර ඇති අතර, යානයේ සිටි මගීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

ඇති වූ හදිසි තත්ත්වයෙන් ගුවන් මගීන් 6 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර එක් ගුවන් මගීයෙක් රෝහල් ගත කර අති බව වාර්තා වෙයි.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ, ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන් යානයකි.
 

ඡායාරූප – විදේශ මාධ්‍ය

Related posts

Fire breaks out in London’s Camden Market

Mohamed Dilsad

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

Mohamed Dilsad

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Editor O

Leave a Comment