Trending Newsඑසැන පුවත්දේශීය

ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාවෙන් ඩොලර් බිලියනයක් අය කර ගැනීමේ නඩු තීන්දුව අධ්‍යයනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් කමිටුවක් පත්කර ඇති බව “සති අන්ත” පුවත්පතක් වාර්තා කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත්කර ඇත්තේ එම නඩු තීන්දුව අධ්‍යනය කර ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ටය.

නෞකා අනතුර සිදුවූ සමයේ සිටි නීතිපතිවරයා විසින් ද පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට සඳහන් කර ඇති, පිටු 361 කින් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මෙම කමිටුව විසින් විස්තරාත්මකව අධ්‍යනය කිරීමට නියමිත අතර එහි සඳහන් නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගතහැකි ක්‍රියාමාර්ග තීරණය කිරීමට ද නියමිත ය.

සිංගප්පූරුවේ ලියාපදිංචි X-Press Pearl සමූහය සහ එහි දේශීය නියෝජිතයා මෙම ව්‍යසනයට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබූ අතර එම පාර්ශ්වයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 01ක වන්දියක් ශ්‍රී ලංකා රජයට ගෙවන ලෙස නියෝග කර තිබිණි

Related posts

Essex lorry deaths: Police begin removing the 39 bodies

Mohamed Dilsad

බිත්තර ආනයනය කරන්න – බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය

Mohamed Dilsad

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment