Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්, හර්ෂ, කබීර් ඇතුළු විපක්ෂ ප්‍රභලයෝ පිරිසක් ඇමරිකා තානාපතිනිය හමුවෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින් කිහිපදෙනෙකු ඇමරිකානු තානාපතිනි ජුලි චන් මහත්මිය ඊයේ (16) රාත්‍රී හමුවී ඇතැයි වාර්තාවේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා හා කබීර් හෂීම් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් ඒ සඳහා සහභාගී වූ බවද වාර්තාවෙයි.

විශේෂයෙන් මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සමගි ජන බලවේගයේ පර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්වන හර්ෂ ද සිල්වා හා කබීර් හෂීම් එක්විම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ කත බහක් ඇතිවී තිබෙනවා.

ඇමරිකානු තානාපතිවරිය හා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අතර ඇතිවූ හමුවේදී සාකච්ඡාවට ලක්වූ කරුණු පිළිබඳව මෙතෙක් හෙළිවී නැහැ.

කෙසේවෙතත් පසුගිය කාල වකවානුවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ගේ ක්‍රියා කලාපයේ සැලකිල්ලට ගැනීමේදී මෙය තවත් දේශපාලන කපුකමක් ද යන්න ගැන දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවී තිබේ. මෙම සාකච්ඡාවට ඇමරිකානු නියෝජ්‍ය තානාපතිවරයාද එක වූ බව සඳහන්.

Related posts

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

Editor O

மஹிந்த உட்பட முன்னாள் அமைச்சரவைக்கு எதிரான மனு வாபஸ்…

Mohamed Dilsad

Suspect apprehended with 83 kg of Kerala cannabis

Mohamed Dilsad

Leave a Comment