Trending Newsඑසැන පුවත්දේශීය

උඩුකය නිරුවතින් මාර්ගයේ ඇවිද ගිය තායිලන්ත සංචාරකයා පුරුෂයෙක් …?

උඩුකය නිරුවතින් මාර්ගයේ ඇවිද ගිය තායිලන්ත සංචාරකයෙකුට අරුගම්බේදී ලබා දුන් අධිකරණ තීන්දුවෙන් පසු මේ වන විට නීතිමය මතභේදයක් ගැටළුවක් මතුව ඇත. මෙසේ පපුව නිරාවරණය කරගෙන සිටි විදේශිකයා සම්බන්ධයෙන් ලිංගිකත්වය අර්ථකථනය කළ ආකාරය සමාජ ජාලවල ප්‍රශ්න කරමින් ඇත.

අශෝභන ලෙස හැසිරීම සහ මහජන සාමයට බාධා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු 26 හැවිරිදි තායි සංචාරකයාට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවමක් නියම කරන ලදී. හෝටලයක් අසල පපුව නිරාවරණය කරගෙන ඇවිද යන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම තායි ජාතිකයාගේ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් ද අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමෙන් පස නව තත්වය ඇතිය තිබේ. එම ගමන් බලපත්‍රයේ ලිංගිකත්වය පුරුෂ ලෙස සඳහන් වී ඇති අතර, Mr. යන නාමය ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා නීතිය යටතේ පිරිමින් පොදු ස්ථානවල කමිස රහිතව සිටීම අපරාධයක් නොවන බැවින් මෙම කටයුත්ත වරදක් තීරණය කළේ කෙසේද දැයි ප්‍රශ්න මතු කර ඇත.

Related posts

Navy rescues 3 Somalian fishers stranded at sea

Mohamed Dilsad

Second Permanent High Court at Bar Judges appointed

Mohamed Dilsad

Showers, winds to enhance over South-Western areas

Mohamed Dilsad

Leave a Comment