Trending Newsඑසැන පුවත්දේශීය

බේරුවල නගර සභාවේ මාලිමා – සජබ දීගයට, පිරිසක් විරුද්ධවෙයි.

සමගි ජන බලවේගයේ බේරුවල ආසන සංවිධායකවරයාට විනය පරීක්ෂණයක් සිදුකර එම ධුරයෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින් සහ හිටපු සභාපතිවරු සඳහන් කරති. බේරුවලදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ ප්‍රකාශ කළහ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බේරුවල නගර සභාවට ස්වාධීන අංක 01 කණ්ඩායම සභික ආසන 07ක්, සමගි ජන බලවේගය ආසන 06ක් සහ ජාතික ජන බලවේගය සභික ආසන 03ක් ලෙස සභිකයින් 16ක් තේරී පත්වූහ.

බේරුවල නගර සභාවේ පළමු රැස්වීම ජුනි 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් අවලංගු කෙරිණ.

ඒ අනුව බේරුවල නගර සභාවට ඉදිරිපත් වූ කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50%ක ප්‍රතිශයක් ලබා නොගැනීම නිසා නව සභාපතිවරයෙකු සහ උපසභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 14 වෙනිදා පැවැත්වින.

ඒ අනුව සභාවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි විවෘත ඡන්දයක් පැවැත්වුණු අතර එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක මොහොමඩ් අසාර් මොහොමඩ් මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත්වුණු අතර ඒකමතිකව උපසභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ ඩී. විමලසිරි මහතා තේරී පත්වූහ.

අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණයට පිටුපා මෙම තීරණය ගත් බවට චෝදනා එල්ල වුණු අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම මන්ත්‍රීවරුන් 06 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

මීට අමතරව එම පක්ෂයේ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජෙමීල් මහතාගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමටද පියවර ගෙන තිබේ.

මේ අතර සමගී ජන බලවේගයේ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජෙමීල් මහතාට විනය පරීක්ෂණයක් සිදුකර ඔහුව ධුරයෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින් සහ හිටපු සභාපතිවරුන් බේරුවලදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලීමක් කළේය.

Related posts

Kuwaiti sponsor agrees to pay Sri Lankan aid 4 years of neglected payments

Mohamed Dilsad

மொட்டுவை மோப்பமிடும் சிவப்பு தொப்பிகள் 

Mohamed Dilsad

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment