Trending Newsඑසැන පුවත්දේශීය

පුංචි ඡන්දෙන් මාස 2 ගත වුණත්, සභා 50ක බලය පිහිටුවීමට තවමත් බැරිවෙලා.

පළාත් පාලන මැතිවරණය පවත්වා මාස 2කට ආසන්න කාලයක් ගතවී ඇතත් 50කට අධික සභා සංඛ්‍යාවක බලය මේ දක්වා පිහිටුවා නොමැති බව වාර්තා වෙයි. ගණ පූර්ණය නොමැතිවීම, සභිකයින්ගේ නම් ගැසට් නොකිරීම සහ අධිකරණ නියෝග යන හේතු මත මෙලෙස බලය පිහිටුවා නොමැති බවත් සඳහන් වෙයි.

මීට අමතරව කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය මේ දක්වා පිහිටුවා නොමැත. පූර්ණ සභිකයින්ගෙන් 50%ක් සභාවට නොපැමිණීම ගණ පූර්ණය නොමැතිවීමට හේතුවවී ඇති අතර ඇතැම් සභිකයින් සිතාමතා සභාවට නොපැමිණෙන තත්ත්වයක් ද මතුවී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ හේතුවෙන් ජනතාව වෙනුවෙන් සිදුකරන සේවාවන් ප්‍රමාදවී ඇති බව පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය. පළාත් පාලන ආයතන 337ක් වෙනුවෙන් පසුගිය මැයි 6 වනදා ඡන්ද විමසීම පැවැති අතර ඊට 8,000ක පමණ අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග කරනු ලැබීය.

Related posts

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

Editor O

Ads placed for Indian Cricket Coach

Mohamed Dilsad

கிண்ணியாவில் கஞ்சா கலந்த மதனமோதக லேகியத்துடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment