Trending Newsඑසැන පුවත්දේශීය

හොරු ලෙස හැඳින්වූ අය සමග එකතුවෙලා, පළාත් පාලන ආයතනවල, මාලිමාව තනතුරු අරගෙන

පසුගිය මැතිවරණවලදි හොරු හොරු කියමින් ඡන්දය දෙන්න එපා කියපු අය සමග ජාතික ජනබල වේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිම තුළින් එම හොරුන් සත් ගුණවත් පිරිස් බවට පත් කිරිමක් බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ මහ ලේකම් රාජ් ප්‍රසාද් මහතා පවසයි.

එම පෙරමුණේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු රාජ් ප්‍රසාද් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද කීවේය. පසු ගිය පළාත් පාලන මැතිවරණවලදි ජාතික ජනබල වේගය වේදිකා දෙවනත් කරමින් පැවසුවේ තම අපේක්ෂයන් හැර අන් පිරිස් හොරුන් දුෂකයන් බැවින් ඔවුන්ට ඡන්දය දෙන්න එපා කියලායි.

එත් මැතිවරණයෙන් පස්සේ ජාතික ජනබල වේගයට සියයට පනහක් නොලැබුන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනිම සඳහා එදා හොරුන් දුෂකයන් ලෙස හැඳින්වු පිරිස් එක් කර ගැනීමට මොවුන් පියවර ගත්තා.

වීශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රිකය ගත් විට හොඳීන්ම පෙනී යන දෙයක් තමයි පසු ගිය කාලය පුරාවට හොරු කියමින් ජාතික ජනබල වේගය ප්‍රතික්ෂේප කරපු පක්ෂවල අය සමගයි මේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවලා තියෙන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවල සභාපති ධුරය එදා ප්‍රතික්ෂේප කරපු අයට දිලා ජාතික ජනබල වේගය උප සභාපතිකම අරගෙන තියෙනවා තවත් සමහර පළාත් පාලන ආතයනවල සභාපතිකම ජාතික ජනබලවේගය අරගෙන උප සභාපතිකම එදා ප්‍රත්ක්ෂේප කරපු අයට දිලා තියෙනවා.

මෙම තත්වයන් මත මෙම සභාවලින් ජනතාවට යහපත් සේවයක් ලැබෙයිද කියන එක අද එම ප්‍රදේශවල ජනතාවටත් ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

Tusker shot dead inside Udawalawe National Park

Mohamed Dilsad

රේස් පැදීමට ගිය යතුරු පැදි 130 කට නඩු වැටෙයි

Mohamed Dilsad

පුත්තලමේ පාසල් හෙට වසයි

Mohamed Dilsad

Leave a Comment