Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බුලත් කොළයක් රු. 10යි.

දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් පවසති.

පීදුණු බුලත් කොළයක් රු.10/=කටත්, රැහැන් බුලත් කොළයක් රු.8/=කටත්, කුඩා බුලත් කොළයක් රු.7/=ක් වැනි මුදලකටත්, තොග මිල ලැබෙන බව ඔවුන් කියා සිටී.

එම වෙළෙදුන් කියා සිටියේ, මේ හේතුවෙන් පවත්නා තත්ත්වය මත බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.350/= සිට රු.450/= දක්වා මිලකට අළෙවි කිරිමට සිදු වන බවයි.

බුලත් මිල ඉහළයෑමට සමගාමීව පුවත් මිලද ඉහළ යෑම හමුවේ බුලත් විටක් රු.70/=ක් වැනි මිලකට අලෙවි කිරිමට සිදු වී ඇති බව වෙළෙදුන් කියා සිටී.

බුලත්වලට රෝගයක් වැළඳීම හේතුවෙන් බුලත් ඵළදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත්, පුවක් ඵළදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් මිලද ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙදුන් කියා සිටියේ.

බුලත් පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, තම දෛනික කටයුතු වලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදු වූවත් ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බව ද වෙළෙදුන් සඳහන් කරති.

Related posts

சாரதி அனுமதிப் பத்திரத்திற்காக புதிய வேலைத் திட்டம்

Mohamed Dilsad

Grade 1 Admission to Government schools today

Mohamed Dilsad

කාදිනල් හිමි කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවල සංචාරයක

Mohamed Dilsad

Leave a Comment