Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

”උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” – රුසියාව ගැන ට්‍රම්ප් කියයි

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන්.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” යනුවෙන් සඳහන් කරන ට්‍රම්ප්, මේ නිසාවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බව ද සඳහන් කරයි.

මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න අමෙරිකාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

US relaxes travel advisory for Sri Lanka

Mohamed Dilsad

Australia’s International Development Minister due today

Mohamed Dilsad

රැකියා ලක්ෂ 20 ක් උත්පාදනය සැලැස්මක් තියෙනවා – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment