දේශීය

කාදිනල් හිමි කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවල සංචාරයක

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය නිරීක්ෂණය  කිරීම සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද දේවස්ථාන වෙත ගොස් තිබේ.

අදට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කාදිනල් හිමිපාණන් එම දේවස්ථාන වෙත ගොස් බැතිමතුන්ගේ සුවදුක් විමසූ බවයි අගරදගුරු මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර, පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

 

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂ

Editor O

තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

Editor O

Leave a Comment