Trending Newsඑසැන පුවත්දේශීය

මහජන ආරක්ෂක, හිටපු අමාත්‍ය ටිරාන් අලස් ට පාතාලයෙන් තර්ජන…?

මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්ය.

පසුගිය 5වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලැබී තිබේ. එහිදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයින් හා ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගෙන් ‘අද දෙරණ’ විමසීමක් සිදුකළේය. එහිදී ඔහු සදහන් කළේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් තමාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවය.

ඒ අනුව සියලු අංශ දැනුවත් කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

Related posts

Sri Lankan crowned Mrs World 2019 after 35 years

Mohamed Dilsad

பாடசாலைகளுக்கு அருகில் வாகனங்களை நிறுத்தி வைக்க வேண்டாம்

Mohamed Dilsad

5000 දීමනාව දීමේදී වූ අක්‍රමිකතා ගැන විගණකාධිපති විමර්ශන

Mohamed Dilsad

Leave a Comment