දේශීය

5000 දීමනාව දීමේදී වූ අක්‍රමිකතා ගැන විගණකාධිපති විමර්ශන

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය රටතුල පැතිර යාම හමුවේ ජීවනෝපාය අහිමිවූ පිරිස් වෙත ලබාදුන් රුපියල් පන් දහසේ දීමනාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 5000 දීමනාව ලබාදීමේදී සිදුවූ ඇති අක්‍රමිකතා පිළිබඳව එමගින් විමර්ශනයට ලක්කෙරෙන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි.

විගණකාධිපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ඉදිරිපත් කිරිමට ජනතාවට අවස්ථාව පවතින බවයි.

ඒ අනුව www.auditorgeneral.gov.lk වෙබ් අඩවියට පිවිස පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

අදාළ විමර්ශන දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් දිවයිනපුරා ආරම්භ කර ඇති බව ද විගණකාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

මෙතෙක් දිනයක වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේදී

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

බස්නාහිර පළාතේ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රවල කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment