දේශීය

බස්නාහිර පළාතේ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රවල කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – මෙරට වත්මන් තත්ත්වය හමුවේ අපහසුතාවට පත් බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත් අලුත් කළ යුතු කාලය මේ මස 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

පසුගිය මාර්තු මස 15 වනදායින් අවලංගු වන නිත්‍ය මගී ප්‍රවාහන සේවා බලපත්‍ර සඳහා එම කාලය දීර්ඝ කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

යළි මගී සේවා අවසර පත්‍රය දීර්ඝ කරන අවස්ථාවේදී ප්‍රමාද ගාස්තුවලින්ද එය නිදහස් කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පෙබරවාරි 14 හෝ එදිනට පසුව බස් රථ සඳහා මාර්ග පරීක්ෂකවරුන් නිකුත් කර ඇති ස්ථානීය දඩ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමද ලබන 31 දක්වා නිදහස් කර ඇති බවයි.

Related posts

බෝගොල්ලාගම සහ ළමාහේවා අද ජනපති කොමිසමට

Mohamed Dilsad

මත්කුඩු සැකකරුවන් ළඟ බන්ධනාගාරයේ ශීතකරණයක්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාගකිරීමට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment