දේශීය

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (13) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අහෝසිවී තිබෙන කාරක සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරික කාරක සභාව, මුදල් කාරක සභාව, ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10 ක් අහෝසි විය.

ඒ අනුව කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අද දිනයේදී සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

 

 

Related posts

රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි

Editor O

කුණාටු වියදම වැඩි වෙයි… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි

Editor O

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment