දේශීය

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (13) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අහෝසිවී තිබෙන කාරක සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරික කාරක සභාව, මුදල් කාරක සභාව, ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10 ක් අහෝසි විය.

ඒ අනුව කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අද දිනයේදී සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

 

 

Related posts

මව්බිම ජනතා පක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් එකතු වෙයි.

Editor O

තිළිණි – ඉසුරු රිමාන්ඩ්

Mohamed Dilsad

නුවරඑළියේ වතු නිවාස 20ක් ගිනිගනී

Mohamed Dilsad

Leave a Comment