දේශීය

හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට මරණ දඩුවම

(UTV | කොළඹ) – හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (13) මරණ දඬුවම නියම කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙලෙස මරණ දඬුවම නියමවූයේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකුටයි.

හෙරොයින් ග්‍රෑම් 13. 2 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබු අතර 2016 වසරේ අගෝස්තු 22 වනදා ඔහුව මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

Related posts

මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 30 කට අයත් පිරිසක් අවතැන්

Mohamed Dilsad

අලුත්කඩේ අධිකරණය තුළ වෙඩිතැබීමට සහය වූයේ යැයි කියන සැකකාරියගේ තොරතුරු අනාවරණය වෙයි

Editor O

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන

Mohamed Dilsad

Leave a Comment