Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

වනිදු හසරංගගෙන් වාර්තාවක්

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ (5) සමත් විය. බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවති දෙවන එක්දින තරගයේ දී ඔහු මෙම සුවිශේෂි කඩඉම පසුකර ගියේය.

මෙම තරගයේදී වනිඳුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 13ක් පමණක් වුවත්, එම ඉනිමත් සමග ඔහුට ජාත්‍යන්තර එක්දින ලකුණු දහයේ සීමාව (1012) පසුකර යාමට හැකිවිය.

ඒ අනුව එක්දින කඩුලු 106කට ද හිමිකම් කියන වනිඳු, ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 1000ත් කඩුලු 100ත් වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා බවට පත්ව සිටි ෂෝන් පොලොක්ගේ වාර්තාව තමාගේ නමින් ලියා ගත්තේය.

ෂෝන් පොලොක් මෙම සුවිශේෂි වාර්තාව එක්දින තරග 68කදී පිහිටුවා තිබූ අතර, වනිඳු එය බිඳදමනු ලැබුවේ තරග 65කට ක්‍රීඩාකරමින්ය.

Related posts

England win Cricket World Cup

Mohamed Dilsad

UNICEF to spend over USD 50 million for children’s programs in Sri Lanka

Mohamed Dilsad

தகவல்களை அறிந்து கொள்ளும் உரிமைகள் தொடர்பான மாநாடு கொழும்பில்

Mohamed Dilsad

Leave a Comment