Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආයෝ­ජන අවස්ථා පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ආර්ථි­කය ශක්ති­මත් කිරීම උදෙසා විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රු­න්ගේද සහ­යෝ­ගය ලබා ගනි­මින් ආණ්ඩුව කට­යුතු කරන්නේ නම් එය ආර්ථි­ක­ය­ටද හිත­කර වනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේ­න්තු­වේදී පැවැති විවා­ද­යට සහ­භාගී වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රවී කරු­ණා­නා­යක මහතා මෙසේද පැව­සීය. මෙරට සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් ආර්ථි­කය වෙනු­වෙන් විශාල කාර්ය භාර­යක් ඉටු­ක­ර­නවා. ඒ අය සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කළ යුතුයි.

මීට පෙර තිබූ ආකා­ර­යට නොවෙයි අය-වැය සකස් කර තිබෙන්නේ. මේ තත්ත්ව­යන් වෙනස් වී තිබෙ­නවා. හැම අව­ස්ථා­ව­ක­දීම ආණ්ඩුව උදා­හ­රණ ගන්නා විට සිදුව තිබෙන දේවල් බලා කතා කරන්න. දැන් බැණ බැණ ඉඳ වැඩක් නැහැ. මොකද දැන් වැඩ­කළ යුතුයි.

අද වන­විට අස්වැ­සුම ලක්ෂ 24 දක්වා වැඩි වී තිබෙ­නවා. හතර දෙනෙ­කු­ගෙන් යුතු පවු­ල­කට ජීවත් වෙන්න පසු­ගිය කාල­යේදී රුපි­යල් හැට­හ­ත්ද­හ­සක් අව­ශ්‍යයි. නමුත් අද එය විශාල ලෙස වැඩි වෙලා. අද වන­විට තරු­ණ­යන් අතර අස­හ­න­යක් තිබෙ­නවා. මම ආණ්ඩු­වට කිය­නවා, පුළු­ව­න්ත­රම් ආයෝ­ජන සිදු කරන්න. ආයෝ­ජන අවස්ථා පුළුල් කරන්න. රටක් ලෙස අපි විශාල ණය ප්‍රමා­ණ­යක් ගෙවිය යුතුව තිබෙ­නවා.

මම හිතන විදි­හට පුළු­වන් තරම් ව්‍යව­සා­යක අවස්ථා පුළුල් කළ යුතුයි. බිලි­යන 20ක් දාලා ශ්‍රීලං­කන් ආය­ත­නය හදන්න බැහැ කියලා මම එදාත් කිව්වා. ඒ නිසා මහා පරි­මාණ ගුවන් සමා­ග­ම­කට තමයි මේක ශක්ති­මත් කළ හැක්කේ.

Related posts

Six Indian fishermen arrested for poaching in Sri Lankan waters

Mohamed Dilsad

මලල ක්‍රීඩිකාවක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

පෑලියගොඩය මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලික වසයි

Mohamed Dilsad

Leave a Comment