Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු කිලෝවකින් රුපියල් 100ක් යන්නේ පැළවත්තේ පක්ෂ අරමුදල ට ද…?

ඉන්දියාවෙන් ලුණු කිලෝවක් ආනයනය කිරීම සඳහා වැයවී ඇත්තේ රුපියල් 75 කට වඩා අඩු මුදලක් වූවත්, ලුණු කිලෝවක් රුපියල් 100 කට වැඩි ලාභයක් සහිතව අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වේ.

මෙරට ලුණු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා ලුණු ආනයනය කිරීම සඳහා රජය පසුගියදා තීරණය කළේය.  අනුව, පෞද්ගලික අංශයද මහා පරිමාණයෙන් ලුණු ආනයනය කිරීමට කටයුතු කළේය.

ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලුණු මෙට්‍රික් ටොන් 12,450 ක් ආනයනය කර ඇත. එම ලුණු තොග කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 74.75 කටය. ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ලුණු මිල දී ගත් මිල ජනතාවගෙන් වසංකර තිබෙන බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසන්නේය.

මේ අතර, ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇත. ඒ අනුව, කැට ලුණු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් වන අතර, ලුණු කුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240 කි.  ලුණු කුඩු ග්‍රෑම් 400 ක උපරිම සිල්ලර මිල රුපියල් 120 කි. 

කෙසේ නමුත්, මේ වනවිට වෙළෙඳපොළේ ලුණු කැට කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටත්, ලුණු කුඩු ග්‍රෑම් 400 ක් රුපියල් 150 කටත් අලෙවි කෙරේ.

මූලාශ්‍රය – අරුණ

Related posts

ත්‍රස්තවාදය පලවා හරින්න නම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් අවශ්‍යයි- සරත් ෆොන්සේකා කියයි

Mohamed Dilsad

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

Mohamed Dilsad

சில பகுதிகளுக்கு நீர்விநியோகம் தடை

Mohamed Dilsad

Leave a Comment