Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැමුන් අධි තක්සේරුවෙන් කටයුතු කළා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව බලය පිහිටුවීමේදී විපක්ෂය අධි තක්සේරුවෙන් කටයුතු කිරීම හේතුවෙන් බහුතරයක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ අවස්ථාව විපක්ෂයට අහිමිවූ බව පාර්ලිමේනතු මන්ත්‍රි රවි කරුණානායක පැවැසීය.

හෙතෙම මේ බව පැවැසූයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ නිවැරදි ලෙස සාකච්ඡා මාර්ගවලට පැමිණීමට විපක්ෂ කටයුතු කළේ නම් පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට අවස්ථාව හිමි වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය. ”පක්ෂ එකතුවෙලා සාකච්ඡා කරපුවගේ කෙරුම් අපිට පෙනුනානේ. ඔවුන් එක පැත්තකින් කතා කරනවා තව පැත්තකින් පාටි දානවා. මේ අවස්ථාවේ මොළේ ඇතිව කටයුතු කළා නම් මේ වැඩේ වෙනවා. හැබැයි මේකෙදි වුනේ යම් අය අධි තක්සේරුවෙන් කටයුතු කළා. ඒක නිසා තමයි අපි එදා ඉඳන් කීවේ. අපි මේ ගැන බැරිවෙලාවත් කට ඇරියා නම් කියයි කට ඇරපු නිසා මෙහෙම වුනා කියලා. නමුත් ඔවුන්ගේ කෙරුම් නිසා අපිට දැන් කතා කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේමයි ඇතැම් අවස්ථාවල බලය පිහිටුවීමේදී නීත්‍යනුකූලව කොහොමද වුණේ නැත්තේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිත් නීත්‍යනුකූලව කටයුතු කරගෙන යනවා. නමුත් මීට වඩා පෙර සූදානමින් වෙන්න තිබුණා. අවදානම ගැන බලාගෙන කටයුතු කරන්න විපක්ෂයට තිබුණා.

මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ කිවේ අපි කාත් එක්කවත් අත්වැල් බැඳගන්නේ නෑ කියලා. හැබැයි මේ වෙද්දි අතක් අල්ලලා නැති පක්ෂයක් නෑ. එතකොට එදා කීව එකයි අද එකයි ඔක්කොම එකතුවෙලා වැඩේ කරලා තියෙනවා. නැවත පුරුදු දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය සුපුරුදු දේශපාලන ගමන ඔවුනුත් යනවා. ඒ නිසා මේක ඡන්ද කාලෙදී වේදිකාවල සීමා වෙන දෙයක් .මේක නාමිකව එකතුවීමක් නෙවෙයි ප්‍රායෝගිකව එකතුවීමක්. විපක්ෂය හිතනවා ඔවුන් හිතන විදිහටම වෙයි කියලා. ඔවුන් එහෙම අධි තක්සේරුවෙන් කටයුතු කරපු නිසායි අද මෙහෙම වුණේ.”

Related posts

Government directs its attention to Sri Lanka Police reforms

Mohamed Dilsad

Kinniya Sand Mining Raid; 12 Naval Personnel injured, Body of escaped suspect recovered

Mohamed Dilsad

Facebook being investigated by US Federal Trade Commission

Mohamed Dilsad

Leave a Comment