Trending Newsඑසැන පුවත්දේශීය

කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක විරෝධය

රී ලංකා වරාය අධිකාරියේ කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ යුද නෞකා සහ සබ්මැරීන නිපදවන රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක් විරෝධය පළ කරති.

කෙසේ වෙතත් එම ඉන්දීය රාජ්‍ය සමාගම නිවේදනය කරන්නේ අදාළ ආයෝජනය සිදුකිරීම සඳහා සිය අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතිය ද මේ වනවිට ලබාගෙන ඇති අතර, මෙම උපායමාර්ගික ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 53කට ආසන්න වන බවයි.

1974 වසරේ ජුනි මස 14 වැනි දින සංස්ථාගත කරන ලද කලම්බු ඩොක්යාඩ් සමාගම ප්‍රධාන වශයෙන් නැව් තැනීමේ සහ නැව අලුත්වැඩියා කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින මෙරට ප්‍රධාන ආයතනයකි.

එම ආයතනයේ ආයෝජකයාගේ තීරණය මත. ජපානය සතුව තිබූ එම සමාගමේ කොටස් බහුතරය අලෙවි කර ඇත.

ඒ අනුව එම ආයතනයේ කොටස් මිලදී ගැනීමට ඉන්දීය රාජ්‍ය සමාගමක් තීරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ 1774 වසරේ පිහිටුවන ලද මැසගොන් ඩොක්ෂිප් බිල්ඩර්ස් ලිමිටඩ් ආයතනයයි.

එය යුද නැව්, සබ්මැරීන, භාණ්ඩ සහ මගී නැව් තැනීමේ ප්‍රමුඛ ආයතනයක් වන අතර, එමඟින් යාත්‍රා 800කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. මෙම උපාය මාර්ගික ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 52.96 නොඉක්මවනු ඇති අතර, එය වත්මන් විනිමය අනුපාතය අනුව ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 452කි.

මෙම කොටස් අත්පත් කරගැනීම සාර්ථකව නිම කිරීමෙන් පසු කලම්බු ඩොක්යාර්ඩ් සමාගම නිල වශයෙන් මැසගොන් ඩොක්ෂිප් බිල්ඩර්ස් ලිමිටඩ්හි අනුබද්ධිත ආයතනයක් බවට පත්වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. එමෙන්ම අදාළ කටයුතු මාස 6ක් තුළ අවසන් කිරීමටද අපේක්‍ෂිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ යුද නෞකා සහ සබ්මැරීන නිපදවන රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක් සිය විරෝධය පළ කරති.

Related posts

மக்கள் வங்கி தனியார் மயப்படுத்தப்படுவது உண்மைக்கு புறம்பான செய்தியாகும்

Mohamed Dilsad

பல்கலைக் கழக மாணவர் ஒன்றியத்தின் ஏற்பாட்டாளர் மஹீல் பண்டார தெஹிதெனியவுக்கு பிணை

Mohamed Dilsad

இந்தோனேஷியாவின் லாம்பாக் தீவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment