Trending Newsඑසැන පුවත්දේශීය

රියදුරු බලපත්‍ර අලුතින් නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

රියැදුරු බලපත් මුද්‍රණයට අවශ්‍ය කාඩ්පත් ඉතිරිව ඇත්තේ තවත් ලක්ෂයක් පමණක් බව වාර්තා වේ. රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ දහයක් පසුගිය කාලයේ දී ආනයනය කර ඇත. ඉන් කාඩ්පත් ලක්ෂ නවයක්ම මේ වනවිට මුද්‍රණයකර හිමිකරුවන්ට තැපැල්කර අවසන් බව පැවසේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් හා හම්බන්තොට, අනුරාධපුර කාර්යාල මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු කෙරේ. වේරහැර කාර්යාලයේ දෛනිකව රිය බලපත්‍ර හාරදහසක් පමණ එක්දින හා සාමාන්‍ය සේවා ලෙස මුද්‍රණය කෙරේ.

කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යාංශය මේ වනවිටත් රිය බලපත්‍ර ලක්ෂ අටක් ඇණවුම්කර තිබෙන බවත්, එය ලබන මාසය තුළ ලැබීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කියා සිටී. දැනට ශේෂ වී ඇති කාඩ්පත් ප්‍රමාණය එම ඇණවුම් ලැබෙන තුරු ප්‍රමාණවත් බවත්, මෙය ගැටලු සහගත තත්ත්වයක් නොවන බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Related posts

දුම්මලසූරිය ස්ථානාධිපති ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

திருமணமான அடுத்த நாளே மனைவிக்கு காத்திருந்த அதிர்ச்சி!

Mohamed Dilsad

யாழ் மாநகர மண்டப கட்டிடத்திற்கான அடிக்கல் நாட்டும் நிகழ்வு

Mohamed Dilsad

Leave a Comment