Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා-කුකුල් සභාපති ගමන් කළ රජයේ කැබ් රිය පල්ලමකට යයි.

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය ගමන් ගත් ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇත. ඩයගම පොලිස් වසමට අයත් වෙවර්ල් වතු යායේ මෝර් නින්ටන් කොටසේදි (28) දින පස්වරු 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

එම වතු යායේ පැවති පිලිගැනීමේ උත්සවයකට සභාපතිනිය සහ ඇගේ සැමියා සහ රියදුරත් ගමන් කරමින් සිටියදි කැබි රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලී මෙම අනතුර සිදු වි ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිනිය වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය විවෘත ඡන්ද 08කින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේශර් මහතා තේරි පත්විය. ඡන්දය ප්‍රකාශ කිරිමේදි ස්වාධීන මන්ත්‍රීවරුන් 02 ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටියහ.

එම සභාවට තේරිපත් වූ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය මාධ්‍ය හමුවේ කියා සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ආගරපතන ප්‍රෙද්ශයේ ජනතාවට ප්‍රා දේශීය සභාව තුලින් උපරිම සේවාවක් ඉටු කරන බවයි.

මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිධූරය දරණ නුවරඑලිය, ආගරපතන සහ කොටගල යන ප්‍රාදේශීය සභාවල නිළ කැබ් රථවල රාජ්‍ය ලාංජනය සහ ප්‍රාදේශිය සභාවේ නම ඉවත් කර සභාපතිවරුන් විසින් එම නිළ කැබ් රථ පෞද්ගලික ගමන් බිමන් සහ දේශපාලන කටයුතු වලට භාවිතා කරන බව එම ප්‍රාදේශීය සභාවල සේවකයින් කියා සිටියි.

Related posts

மேலும் அதிகரிக்கும் ஜனாதிபதி தேர்தலுக்கான செலவு

Mohamed Dilsad

1000 CC இற்கு குறைவான வாகனங்களுக்கான இறக்குமதி வரி அதிகரிப்பு

Mohamed Dilsad

මෙරටදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment