Trending Newsඑසැන පුවත්දේශීය

උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාර, සහකාර පොලිස් අධිකාරී රටින් පනී

(UTV | කොළඹ) –

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට සිය නිවස ඉදිරිපිටදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අනුරාධපුර දිස්ත්‍රික්කය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම නොදන්වා විදේශගතවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොලිස් නිලධාරියා කටුනායක ගුවන්තොටුපළෙන් මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති අතර එසේ පිටත් වන මොහොතේදී සිය ගිනි අවිය හිතවතෙකු මාර්ගයෙන් පොලිසිය වෙත නිසි ක්‍රමවේදයට අනුකූල නොවන අයුරින් එවා ඇති බවද සඳහන්. මෙම පොලිස් අධිකාරීවරයා පොලිසියේ නිසි අවසරයක් නොලබා මේ වනවිට විදේශගත වී ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කළේය.  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගමන් කළ මෝටර් රථයකට රාත්‍රියේදී සිය නිවස ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියට සැලසුම් සහගතව අදාළ මන්ත්‍රීවරයා සහ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා මෙම සිද්ධිය සිදු කළ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

අදාළ මන්ත්‍රීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා සමීප ඇසුරක් ඇති අය බව ද දෙදෙනා සැලසුම්සහගතව එම කටයුත්ත කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව මීට දින කිහිපයකට පෙර අනාවරණය කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

Related posts

சினேகனுடன் இணையும் ஓவியா….

Mohamed Dilsad

Aung San Suu Kyi : Muslim member of Myanmar ruling party is shot dead at airport

Mohamed Dilsad

கொட்டாவையில் தண்டவாளத்தில் தலை வைத்த மாணவி கடத்தப்பட்டாரா?

Mohamed Dilsad

Leave a Comment