Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඇමෙරිකා ජනාධිපතිවරයා අසතුටින්

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එබැවින් එම රටවල් දෙක කෙරෙහිම තමා සතුටු නොවන අතර විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි අප්‍රසාදය පලකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බෝම්බ හෙළීම නවත්වන ලෙසත් “ඔබේ ගුවන් නියමුවන් දැන්ම නැවත ගෙන්වා ගන්න” ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ. එමෙන්ම ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසය.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “බෝම්බ හෙළන්න එපා” එය “මහා උල්ලංඝනයක්” ලෙසය.

නෙටෝ සමුළුව සඳහා ධවල මන්දිරයෙන් පිටව යන අතරතුරු ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට අසාමාන්‍ය අදහස් දැක්වීමක් සිදු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය සහ ඉරානය ඔවුන් සිදුකරන්නේ කුමක්දැයි ඔවුන්වත් නොදන්නා බවයි.

“ඉරානය උල්ලංගනය කළ නමුත් ඊශ්‍රායලයත් උල්ලංගනය කළා. ඊශ්‍රායලය අපි ගිවිසුම් ඇතිකර ගත් වහාම ඔවුන් එළියට ඇවිත් බෝම්බ ප්‍රහාර එල්ල කළා. මම කවදාවත් දැකලා නැති තරම් ලොකුම ප්‍රහාරයක්. මම ඉරානය ගැන සතුටු නෑ. ඊශ්‍රායලය ගැනත් සතුට නෑ. මෙච්චර කාලයක් පුරා දෙපාර්ශවයම සටන් කරනවා. එගොල්ලෝම දැන් කරන්නේ මොකක්කද කරන්නේ කියලා. ඔයාට ඒක තේරෙනවා ද ?  

Related posts

River water levels receded; rainfall reduced – DMC

Mohamed Dilsad

Bill Gates commends Sri Lanka’s primary healthcare

Mohamed Dilsad

குமார் குணரத்னத்திற்கு இந்த நாட்டு குடியுரிமை

Mohamed Dilsad

Leave a Comment