Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක්…!

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.

සුපිරි වෙළෙඳසල් රැසක සම්බා, කීරි සම්බා සහල් මිලදී ගැනීමට නොමැතිවීම නිසා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. කුඩා පරිමාණ සහල් මෝල්වලින් වෙළෙඳපොළට නිකුත් කරන සහල් තොග අවසන්වීම නිසා සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.

මේ අතර මහා පරිමාණ සහල් වෙළෙඳුන් මේ දිනවල සීමිත ලෙස සහල් තොග වෙළෙඳපොළට නිකුත් කරන අතර, කුඩා පරිමාණ සහල් වෙළෙඳුන් වෙළෙඳපොළට නිකුත් කරන සහල් තොග අවසන් වීමෙන් පසුව මහා පරිමාණ සහල් වෙළෙඳුන් වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළ දැමීමේ සූදානමක් පවතින බවටද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

මේ අතර ගොවීන් කියා සිටින්නේ නියමිත වේලාවට පොහොර නොලැබීම නිසා කුඹුරු ඉඩම් රැසක ගොයම කහ පැහැයට ලක්වී තිබෙන බවත්, මේ නිසා මෙවර යල කන්නයේ වී අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බවත්ය.

-අරුණ-

Related posts

Over 80% voter turnout expected at Presidential Election

Mohamed Dilsad

பணிப்புறக்கணிப்பிற்கு தயாராக உள்ளதாக GMOA தெரிவிப்பு

Mohamed Dilsad

கட்சியின் பலத்தை காண்பிப்பதற்கு தயார் ஜனாதிபதி அதிரடி

Mohamed Dilsad

Leave a Comment