Trending Newsඑසැන පුවත්දේශීය

මෙම කාලයේ රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නැහැ – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

මෙම කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුනොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම වෙනුවට මේ මොහොතේ සිදුවෙමින් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව ගමන් කිරීමක් පමණක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. එය රාජ්‍ය අංශය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහන, ඉඩම් වෙළෙඳපොළ, කර්මාන්ත, ශ්‍රම වෙළෙඳපොළ ඇතුළු අංශ රැසකට බලපාන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

පුළුල් ප්‍රතිසංස්කරණ සිදුනොකර ‍යන මේ ගමන තුළ තිරසර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව ද ඒ මහතා අවධාරණය කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සංවාදශීලී සාකච්ජාවක දී අදහස් දක්වමිනි.

Related posts

ஆகஸ்ட் மாதம் 06ஆம் திகதி க.பொ.த உயர்தரப் பரீட்சை ஆரம்பம்

Mohamed Dilsad

Parliament to debate Sri Lanka – Singapore FTA today

Mohamed Dilsad

அரசமொழி தினமாக ஜூன் 3ஆம் திகதி பிரகடனம்

Mohamed Dilsad

Leave a Comment