Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ඇමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළාදකී

කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුර ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළාදැක තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සවුදි අරාබිය, කටාර්, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවය.

කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඉරානය විසින් ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීය. කටාර්හි පිහිටි අල් උදෙයිඩ් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය සාර්ථකව ව්‍යාර්ථ කළ බව කටාර් රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි.

ඉරානය විසින් මිසයිල ප්‍රහාර 12ක් අදාළ කඳවුර වෙත එල්ල කර ඇති අතර ඉන් 11ක්ම විනාශ කිරීමට හැකිවූ බව ඔවුන් පෙන්වා දෙයි.

අදාළ ප්‍රහාරය සිය රාජ්‍යයේ ස්වෛරීභාවය, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ද කටාර් රජය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පසුගිය සෙනසුරාදා දිනයේ අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර 3කට සිදුකළ පහරදීමට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Related posts

Power disruptions likely in several areas

Mohamed Dilsad

අමෙරිකාවෙන් තවත් එන්නත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්

Mohamed Dilsad

Leave a Comment