Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා

ඇමෙරිකාව විසින් ඉරානයේ ‍යෂ්ටික මධ්‍යස්ථානවලට පසුගිය දිනයේදී සිදු කරන ලද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊයේ (23) ආරම්භ කර ඇත.

ඇමරිකානු හමුදාවට අයත් මැද පෙරදිග පිහිටි විශාලතම හමුදා කඳවුර වන කටාර් හමුදා කඳවුරට ඉරානය විසින් මිසයිල ප්‍රහාර දියත් කර ඇත. ඒ අනුව කටාර් රජය විසින් හදිසියේම ඔවුන්ගේ ගුවන් අවකාශය වසා දැමීමට තීරණය කර ඇත. එම හේතුව නිසා විශාල ගුවන් යනා ප්‍රමාණයක් ඔවුන්ගේ ගුවන් මාර්ගයන් වෙනස් කර ඇත. මේ හේතුවෙන් ගුවන් මගීන් විශාල ප්‍රමාණයකට ඔවුන්ගේ ගමනාන්ත කරා ගමන් කිරීමට අපහසුවී ඇත. ගුවන් සමාගම් විශාල ප්‍රමාණයකට මෙමගින් පාඩු ලැබීමට සිදුවනු ඇත.

කෙසේ නමුත් වසා දැමූ මැදපෙරදිග ගුවන් කලාප අද 24 වෙනිදා වන විට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවය.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේය.

අදාළ ගුවන් යානා මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත ගොඩ බෑමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය. ප්‍රහාරවලින් අනතුරුව යළිත් සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව ද කටාර් රජය ප්‍රකාශ කර ඇත. කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර ඇති බව සඳහන්ය.

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Easter Blasts in Sri Lanka: Trump offers “Heartfelt condolences”

Mohamed Dilsad

ගෝලීය කොවිඩ් ආසාදන කෝටි 40 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment