Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුව මහතාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබේ.

හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති අතර, අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

Related posts

වෛද්‍ය මහීපාල ට ලොකු තනතුරක්

Mohamed Dilsad

சாதாரண தர மாணவர்களை கருத்தில் கொண்டு போராட்டத்தை கைவிட கோரிக்கை

Mohamed Dilsad

Premier requests President to temporarily remove Vijayakala’s Ministerial portfolio

Mohamed Dilsad

Leave a Comment