Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කොළඹ සිට මුබ්බායි දක්වා යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගින්නක්

දකුණු කේරළ ප්‍රාන්ත වෙරළට ආසන්නව සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරය බලා යමින් තිබූ එම්වී වෑන් හයි 503 නෞකාවේ ඊයේ(09)දිනයේදී අභ්‍යන්තර බහාලුම් පිපිරීමක් වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාල ගින්නක් ඇති විය.

සිංගප්පූරු සමුද්‍රීය හා වරාය අධිකාරිය ප්‍රකාශ කර තිබුණේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දහඅට දෙනෙකු බේරාගෙන ඇති අතර, සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවත්ය.

කේරළ වෙරළ ආසන්නයේ සති තුනක් ඇතුලත දෙවන සිදුවීම මෙය වන අතර කේරළ වරාය අමාත්‍ය වී.එන්. වාසවන් පැවසුවේ නෞකාවේ බහාලුම් 50 ක් මුහුදට වැටී ඇති බවත් තෙල් ටොන් 100ක් රැගෙන යමින් සිටි බවත්ය.

Related posts

සහල් මෝල් හිමියන්ගෙන් සහල් සිල්ලර මිල නිවේදනයක්

Mohamed Dilsad

மஹிந்தானந்தவுக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

බඩ ඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment