Trending Newsඑසැන පුවත්දේශීය

කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව , හෙට (11) දින ප.ව. 02.30 වන තෙක් වලංගු වන අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වි මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව , හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ නාවිකයන් හා ධීවරයන්ට සැලකිලිමත් වන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60–70) පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

Related posts

ජනාධිපති කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයට

Editor O

ரயில்வே தொழிற்சங்கங்கள் சட்டப்படி வேலை போராட்டத்தில்

Mohamed Dilsad

Selectors right to reject De Villiers for World Cup – convenor

Mohamed Dilsad

Leave a Comment