Trending Newsඑසැන පුවත්දේශීය

වාහනවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට රේගුවෙන් වැඩපිළිවෙලක්

රේගු ඇස වසා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන මිල දී ගැනීම නිසා ඇතැම් පුද්ගලයන්ට සිදු වූ අපහසුතා මඟහරවාගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා රේගුව ඉකුත්දා මෝටර් වෙහිකල් වෙරිෆිකේෂන් (Motor Vehicle Verification) නමැති සබැඳියක් (Link) රේගු වෙබ් අඩවියට හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා රේගුව එම සබැඳිය ඔස්සේ රේගු වෙබ් අඩවියට පිවිසී මිල දී ගැනීමට නියමිත මෝටර් රථයේ චැසි අංකය සහ මෝටර් රථය මිලට ගැනීමට නියමිත පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය ඇතුළු කිරීමෙන් පසු එක්වරක් පමණක් භාවිත කළ හැකි අංකය (OTP) ලැබෙයි

එම අංකය සබැඳියට ඇතුළු කළ පසු මිල දී ගැනීමට නියමිත මෝටර් වාහනය ශ්‍රී ලංකා රේගුව මඟින් නීත්‍යනුකූලව නිදහස් කළ වාහනයක්ද එසේ නොමැතිව නීති විරෝධිව මෙරටට ගෙන්වූ වාහනයක්ද යන්න ශ්‍රී ලංකා රේගුව අදාළ පුද්ගලයා දැනුවත් කරන බවද රේගුව සඳහන් කරයි.‍

Related posts

අදත් පැය 3ක් විදුලිය නෑ

Mohamed Dilsad

ලක්‍ෂ 59ක මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ් කෙරේ

Editor O

රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment