Trending Newsඑසැන පුවත්දේශීය

ලක්‍ෂ 59ක මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ් කෙරේ

රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු (20දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. මෙහි පැමිණිලි කරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු බව පොලිසිය කියයි.

පැමිණිලිකරු හා රක්ෂිත බන්ධනාගාරගතකළ පුද්ගලයා අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවැති ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් කලක සිට තිබී ඇත. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා පැමිණිලිකරු ඒ ගැන බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙතපැමිණිලි කර තිබිණි.

ඒ අනුව එම කොට්ඨාසය විසින් සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

හපුතලේ නයනානන්ද බුවනෙක

Related posts

දුෂණ වංචාවලට එරෙහි වන විට තමාට චෝදනා එල්ල කරයි නම් තනතුරු අතහැර ජනතාව සමඟ සිටින බව ජනපති කියයි

Mohamed Dilsad

කොරෝනා වැළැක්වීමේ වැඩපිළිවෙලට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

Mohamed Dilsad

‘Loyal SLFP supporters won’t support Gotabaya’

Mohamed Dilsad

Leave a Comment