Trending Newsඑසැන පුවත්දේශීය

ලක්‍ෂ 59ක මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ් කෙරේ

රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු (20දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. මෙහි පැමිණිලි කරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු බව පොලිසිය කියයි.

පැමිණිලිකරු හා රක්ෂිත බන්ධනාගාරගතකළ පුද්ගලයා අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවැති ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් කලක සිට තිබී ඇත. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා පැමිණිලිකරු ඒ ගැන බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙතපැමිණිලි කර තිබිණි.

ඒ අනුව එම කොට්ඨාසය විසින් සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

හපුතලේ නයනානන්ද බුවනෙක

Related posts

Top Kashmir militant Sabzar Bhat killed

Mohamed Dilsad

ලාෆ්ස් සමාගමත් තීරණයක් ගනී

Mohamed Dilsad

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment