දේශීය

ලාෆ්ස් සමාගමත් තීරණයක් ගනී

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

 

ලිට්‍රෝ ගෑස්මිල සංශෝධනය කිරීමෙන් පසු සිය සමාගමේ ගෑස් මිල ගණන් ද සංශෝධනය කිරීමට නියමිත බව ලාෆ්ස් සමාගම සඳහන් කළේය.

 

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගම පවසයි.

 

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මාසික මිල සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කින් හෝ ඊට ආසන්න මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවය.

 

ඊට සමගාමිව කිලෝ ග්‍රෑම් 05 සහ කිලෝ ග්‍රෑම් 02.3 ගෑස් සිලින්ඩරවල මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබේ.

 

අදාළ මිල සංශෝධනයන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

 

මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,743ක් වන අතර කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,904ක් වේ.

 

කිලෝ ග්‍රෑම් 02.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 883කට අලෙවි වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

Related posts

වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පාප් වහන්සේගේ අවසන් කටයුතු අද

Editor O

මංගල උත්සව ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන්ගේ ගැටළු සාකච්ඡාවට

Mohamed Dilsad

Leave a Comment