දේශීය

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණියත් එක්වෙයි

(UTV | පේරාදෙණිය) – ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට එක්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් වී තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙසද පේරාදෙණිය විශ්ව විද්‍යාලය නම්කර ඇත.

ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම සිදු කෙරෙන්නේ ලොවපුරා විශ්ව විද්‍යාල 30,000 ක් සළකා බලමින්.

කාණ්ඩ 05 ක් යටතේ එහිදී ලකුණු ලබාදීම සිදු කෙරෙනවා. ඉගෙනුම් පරිසරය සහ ඉගැන්වීම, සමීක්‍ෂණ, සමීක්‍ෂණවල බලපෑම, කාර්ය මණ්ඩලය, විද්‍යාර්ථයින් හා සමීක්‍ෂණ සදහා ඇති ජාත්‍යන්තර පිලිගැනීම සහ වෙළද පොල වටිනාකම අදාළ කාණ්ඩ වනවා.

Related posts

පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

ව්‍යවස්ථා සංශෝධනය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

Editor O

තවත් ආසාදිතයන් රැසක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment