Trending Newsඑසැන පුවත්දේශීය

එජාපය අලුත් කරන්න කමිටුවක්

එක්සත් ජාතික පක්ෂයේ නවීකරණ වැඩපිළිවෙලට පක්ෂයේ පැරණි නායකයින්ගෙන් විරෝධය
එල්ලවීමට පටන්ගෙන තිබෙනවා. පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීමේ කටයුතු සඳහා මූලික වූ එක්සත් ජාතික පක්ෂයේ කමිටු සාමාජිකයන්ට පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම පැවරීමට පක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ තීරණය කර කොට ඇත.

ඉදිරි එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ආකෘතිය සකස් කිරීම කිරිමේ කටයුතුද මෙම නව කණ්ඩායමට පවරා ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම කණ්ඩායම කමිටුවක් ආකාරයට ක්‍රියා කරන ලබනවා.

කෙසේවතත් මෙම නව කමිටුවේ ක්‍රියාකාරීත්වයට පක්ෂයේ පැරැන්නන් කිහිප දෙනෙක්ගේ නොසතුට පළ වී තිබෙන බව ද දැනගන්නට තිබෙනවා. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටද මේ ගැන ආරංචි වී ඇති අතර තමන්ගේ නමේ කුමක් සඳහන්ව තිබුණත් පක්ෂය නවීන වනවාට මේ ගතානුගතික පිරිස් අකමැතිවීම ගැන පක්ෂ අභ්‍යන්තරයේ කතාබහක් ඇතිවී තිබෙනවා.

මේ නවීකරණයට විරුද්ධව ඔවුන් විවිධ හමු පවත්වන්නට පටන් ගෙන තිබෙන අතර අලුත් අයට තැනදීම ගැන පැරැන්නන් විරුද්ධ වීමට හේතුවවී ඇත්තේ ඔවුන්ගේ තැන අහිමිවේද යන බිය නිසා යැයි පැවසෙනවා.

ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂයේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ව්ක්‍රමසිංහ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

Related posts

හෙට දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

Mohamed Dilsad

Jamshed arrested in alleged PSL corruption case

Mohamed Dilsad

நாணய சுழற்சியில் வெற்றிபெற்ற இந்திய அணி

Mohamed Dilsad

Leave a Comment