Trending Newsඑසැන පුවත්දේශීය

ආසියාතික රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙනුත් හමුවෙයි.

ආසියාතික රටවල් කිහිපයක මේ දිනවල පැතිරයමින් පවතින කොරෝනා ප්‍රභේදය මෙරටින් ද හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාළ අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය. කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවධානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය. මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

එහි රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිළිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය. කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

Related posts

අත්අඩංගුවේ සිටින රියාජ් බදියුදීන් ගැන රිෂාඩ් බදියුදීන් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Treasury issues funds to buy paddy harvest

Mohamed Dilsad

Russian ROSATOM delegation met with President

Mohamed Dilsad

Leave a Comment