දේශීයප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවේ සිටින රියාජ් බදියුදීන් ගැන රිෂාඩ් බදියුදීන් කතා කරයි [VIDEO]

(UTV |කොළඹ ) – තම සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුවේ නීති විරෝධී ලෙස බවත් එබැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ප්‍රකාශ කරයි .

2019 වසරේ අප්‍රේල් 21වනදා සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කරමින් සිය සහෝදරයා වන රියාජ් බදුර්දීන් ඔහුගේ නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ(14) දිනයේදීය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ ” මගේ සහෝදරයා හෝ අපි කිසිවෙකුත් එම පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නැති බව සහතික කොට ප්‍රකාශ කරන්න කැමති. ඒ වගේම අපි කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදයට සහය දක්වා නැහැ.  මම ඒ ගැන සහතික වෙනවා”.

“ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන විමර්ෂණ වලට සහය දැක්වීම අපගේ වගකීමක් වන අතර මගේ සහෝදරයාත් එම පරීක්ෂණ සඳහා සහය ලබා දේවි”.

“මෙම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ඉදලා මේ ප්‍රහාරයට මගේ නම ඈදා ගෙන විවිධ ප්‍රකාශ සිදුකලා”.

“මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල පොලිස් පරීක්ෂණ සිදුකොට ඊට මගේ සම්බන්ධයක් නොමැති බවට දැනට වැඩ බලන පොලිස්පතිවරයා සිය අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියා”.

“මගෙන් දේශපාලන සහය පතාගෙන ආපු ඇතැම් දේශපාලන පක්ෂ මම ඔවුන් සමග එක් නොවූ නිසා අද මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා”.

“මෙය සම්පුර්ණයෙන්ම මාගේ දේශපාලන ගමනට එරෙහිව එල්ල කරපු මඩ ප්‍රහාරයක්” බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදුර්දීන් ප්‍රකාශ කර සිටියේය.

https://youtu.be/EfKTMEvi9v0

Related posts

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

Mohamed Dilsad

‘වටගල නියෝජ්‍ය ඇමතිතුමා ජාතික ආරක්‍ෂාව තහවුරුයි කියන්නෙ මේකද…?

Editor O

Leave a Comment