දේශීය

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවලට තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180 කට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයින්ට ස්ථිර පත්වීම් ලබා දීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ කාර්යාල සහායක සේවකයින් සහ රියදුරන්ගේ සේවයේ ස්ථිර පත්වීම් ලබාදීමට අදාලව සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බවයි

ඒ අනුව අදාල පිරිස් 2019 වසරේ සැප්තැම්බර් මස පළමු වන දින වන විට දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා තිබිය යුතු අතර ඒ සදහා නියමිත අධ්‍යාපන සුදුසුකම් ද සපුරා තිබිය යුතු වෙයි.

 

Related posts

අද සිට මංගල උත්සව තහනම්

Mohamed Dilsad

විදුහල්පතිවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment