දේශීය

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවලට තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180 කට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයින්ට ස්ථිර පත්වීම් ලබා දීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ කාර්යාල සහායක සේවකයින් සහ රියදුරන්ගේ සේවයේ ස්ථිර පත්වීම් ලබාදීමට අදාලව සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බවයි

ඒ අනුව අදාල පිරිස් 2019 වසරේ සැප්තැම්බර් මස පළමු වන දින වන විට දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා තිබිය යුතු අතර ඒ සදහා නියමිත අධ්‍යාපන සුදුසුකම් ද සපුරා තිබිය යුතු වෙයි.

 

Related posts

ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි

Mohamed Dilsad

ජනාධිපති කාර්ය සාධක බලකායට සම සභාපතිවරයෙක්

Mohamed Dilsad

බිංගිරිය, පාතහේවාහැට, අරණායක සභාවල බලය සමගි ජනබලවේගයට

Editor O

Leave a Comment