Trending Newsඑසැන පුවත්දේශීය

ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණයෙන් රතු නිවේදනයක්

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව ඇති බවය. ඒ අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව විසින් අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ.

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි 50-60ක් දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව වෙත අනතුරු ඇඟවීමක්ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ‍, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

Related posts

රජයේ මුදුණාලයේ උණුසුම් තත්ත්වයක්

Editor O

නවීන් ට ආණ්ඩුකාර ධුරයක්

Mohamed Dilsad

The 12th graduation ceremony of Defense Services Command and Staff College under President’s patronage

Mohamed Dilsad

Leave a Comment