Trending Newsඑසැන පුවත්දේශීය

සංවිධායක ධූරයෙන්, ඊයේ ඉල්ලා අස්වූ අසෝක, සංවිධායක ධූරය නැවත බාර ගනී.

පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයින් පත් කිරිමේදි තමන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහ පක්ෂයේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර යන මහතුන් විසින් කඩිනමින් විසදුම් ලබා දීම නිසා තවදුරටත් තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු කරන බව අසෝක සේපාල මහතා පැවසීය.

තලවකැලේ නගරයේ පිහිටි සිය නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමින් අසෝක සේපාල මහතො කියා සිටියේ කොටගල සහ ආගරපතන ප්‍රාදේශීය සභාවට ප්‍රසාද ලයිස්තුවෙන් සභිකයන් දෙදෙනෙකු ලබා දෙන බවට පක්ෂ නායකයා සහ පක්ෂයේ මහ ලේකම්වරයා තමන්ට පොරොන්දු වී පසුව එම සභිකධූර දෙක දමිළ ප්‍රගතිශීලි සංධානයට ලබා දීමට පියවර ගෙන තිබූ නිසා තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයෙන් ඉවත් වන බවට (25) දින පක්ෂ නායකත්වයට යොමු කල බවයි.

තමන්ගේ ලිපියට පක්ෂ නායකත්වය සහ මහ ලේකම්වරයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වා එම ප්‍රාදේශීය සභා දෙකට තමන් ඉදිරිපත් කල නම් දෙක මැතිවරණ කොමසාරිස්වරයාට යොමුකර එහි පිටපතක් තමන් වෙත යොමුකර ඇති බවයි.

ඒ අනුව තමන්ගේ ඉල්ලීම ඉටු වූ නිසා තව දුරටත් සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු කරන බවයි අසෝක සේපාල මහතා තව දුරටත් කියා සිටියේ.

Related posts

England won the 2nd Test by 57 runs

Mohamed Dilsad

டிரம்புடன் சிங்கப்பூர் பிரதமர் சந்திப்பு

Mohamed Dilsad

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්න

Mohamed Dilsad

Leave a Comment