Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජපානය අභිබවමින් ඉන්දියාව ඉදිරියට

ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබේ. ඉන්දියාව මේ වසරේදී අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187ක ආදායමක් උපයා ඇති බව සඳහන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වූ ”2047 වසරේදී විකසිත භාරතයක් – විකසිත රාජ්‍යයක්” මැයෙන් පැවැති උත්සවයට සමගාමී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ඉන්දීය රජයේ නියෝජිතයින් අනාවරණ කර තිබිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව දළ දේශීය නිෂ්පාදනය අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි සටහනේ මුල්තැන අමෙරිකාවට හිමිව ඇති අතර එය, අමෙරිකා ඩොලර් ට්‍රිලියන 30.51ක් ලෙස සඳහන් වෙයි.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අමෙරිකා ඩොලර් ට්‍රිලියන 19.23ක ආර්ථිකයක් චීනය අත්කරගෙන තිබෙනවා. ජර්මනිය පසුවන්නේ එහි තෙවැනි ස්ථානයේ යි.

Related posts

Trump to sign USD 700 billion Defence Bill funding Sri Lanka, India

Mohamed Dilsad

அலோசியஸ் உடன் தொலைபேசியில் உரையாடியவர்கள் தொடர்பில் பாராளுமன்றத்தில் அறிக்கை

Mohamed Dilsad

Trump impeachment: Officer Alexander Vindman raised alarm over Ukraine call

Mohamed Dilsad

Leave a Comment