Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරී

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය එම නියෝගය ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කර තිබේ. එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් .

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර ඇත. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සහ විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සැකකරුට නියෝග කෙරිණ.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු රැස්වීම් සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

சீனா அரசு வழங்கிய புதிய நன்கொடை

Mohamed Dilsad

Leave a Comment